August 12, 2020

There are 100 ways of getting beautiful

ලස්සන වෙන්න ක්රම සියයක් මේ ලිපියෙන් 😍
1 වෙනි කොටස

ඔබේ ඇඟිලි පුරුක් අඳුරු පැහැති නම් මේ ස්වභාවික ප්රතිකර්ම හතර අත්හදා බලන්න.
සම අවපැහැගැන්වීම, විශේෂයෙන්ම අඳුරු පැහැගත් ඇඟිලි පුරුක් තිබීම බොහෝ දෙනෙකුට පවතින පොදු ගැටළුවක් බවට පත් වී ඇත. මෙය කියවන ඔබටත් මෙම ගැටලුව පවතිනවා ඇති.
මේ ආකාරයට ඔබේ ඇඟිලි පුරුක් අඳුරු පැහැයක් ගැනීමට හේතු වන හේතු කාරණා ලෙස දැඩි ලෙස හිරු එළියට නිරාවරණය වීම හෝ ගෙදර දොරේ වැඩ කරන විට සහ භාජන සේදීමේදී ඔබේ අත් ආරක්ෂා කර නොගැනීම දක්වන්නට පුළුවන්.මෙහි අප සඳහන් කරන අත්වල සුන්දරත්වය වැඩිකරන ක්රම අත්හදා බැලීමෙන් ඔබේ අත්වල, ඇඟිලි පුරුක්වල සහ ඇඟිලිවල අඳුරු පැහැය නැති කර ලස්සන දෑතක හිමිකාරිත්වය ඔබට ලබාදේවි.
ලෙමන් සහ සීනි සහිත ස්ක්රබ් එක ආලේප කිරීම
ඇඟිලි වල දුර්වර්ණභාවය නැතිකිරීම සඳහා කුණු සහ මැරුණු සෛල ඉවත් කිරීම මෙන්ම තදින් ඇතිල්ලීම ද සිදු කළ යුතු වෙනවා. මෙම ක්රමවේදය මගින් ඔබේ අඳුරු පැහැති සම පැහැපත් කරන අතර ඇඟිලි පුරුක් සුමුදු කිරීමද සිදු වෙනවා. කාර්යක්ෂම ප්රතිඵල සහිත ස්ක්රබ් එකක් සාදාගැනීම සඳහා ප්රධාන අමුද්රව්ය තුනක් අවශ්ය වෙනවා.
මී පැණි තේ හැඳි 2ක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ සිනි තේ හැන්දක් මේ සඳහා අවශ්ය වෙනවා.
මේ අමුද්රව්ය හොඳින් මිශ්ර කරන්න. අනතුරුව මේ මිශ්රණය ඔබේ ඇඟිලිවල සහ අඳුරු පැහැ ගැන්වුණු ඇඟිලි පුරුක්වල මෘදු ලෙස ආලේප කරන්න.
අමතර මෘදුභාවයක් ලබාගැනීම සඳහා ඔබේ අත්වලත් මෙම මිශ්රණය ආලේප කීරීමට ඔබට පුළුවන්.
ඔබේ සමට මෙම මිශ්රණය උරාගැනීම සඳහා විනාඩි 15 ක් පමණ මෙම ස්ක්රබ් එක අත්වල ආලේප කර තබන්න. ලෙමන්වල ඇති විටමින් C සහ සීනි වල ඇති ග්ලයිකොලික් අම්ලය නිසා ඔබේ ඇඟිලි පුරුක් සහ ඇඟිලි ඉතාම ඉක්මණින් පැහැපත් ස්වභාවයක් ගනීවි.
සීනි සහ ඔලිව් ඔයිල් මිශ්රණය ආලේප කිරීම
ඔලිව් ඔයිල් වලින් ඔබේ නියපොතුවල තත්වය වැඩිදියුණු කරනවා. ඒ වගේම සමේ මෙලනින් වර්ණකය වැඩියෙන් නිෂ්පාදනය වීම නිසා සහ හිරු එලියට නිරාවරණය වීම නිසා අවපැහැ වීමෙන් ඇති වන සමේ අඳුරු වර්ණය නැති කරනවා. සීනි යනු අඳුරු පැහැති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා ඉතාම යෝග්ය සක්රබ් එකකි.
ඔලිව් ඔයිල් තේ හැඳි 3ක් සමග සීනි තේ හැඳි 2ක් මිශ්ර කරන්න.
ඔබේ අඳුරු පැහැවුණු ඇඟිලි පුරුක් ස්ක්රබ් කිරීම සඳහා මෙම මිශ්රණය යොදාගන්න.
මෙම මිශ්රණය විනාඩි 5ක් හෝ ඊට වැඩි වෙලාවක් තිබෙන්නට හරින්න. මේ මගින් ඔබේ ඇත වැඩිපුර සජලකරණයට ලක් වෙනවා. පසුව මෙම මිශ්රණය වතුරෙන් සෝදා හරින්න.
පසුව සාමාන්ය මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.
ප්රබල තෙල් වර්ගයකින් මොයිස්චරයිස් කිරීම.
ඔබට මෙම ප්රතිකර්මය භාවිත කිරීමෙන් වාසි ගොඩක් ලබාගන්න පුළුවන්. මෙමගින් ඔබේ අඳුරු පැහැ ගැන්වුණු ඇඟිලි පැහැපත් කරන අතරම ඔබේ අත් සුමුදු සහ මොළොක් ස්වභාවයකට ද පත් කරනවා. ඒ වගේම ඔබේ නියපොතු දුර්වර්ණ වී ඇත්නම් ඒ තත්වයද මගහරවා ගැනීමට පුළුවන්.
ජෝජෝබා ඔයිල් තේ හැඳි ½ ක්, ආමන්ඩ් ඔයිල් තේ හැඳි ½ ක්, රෝස්මරි ඔයිල් තේ හැඳි ½ ක් සහ ලෙමන් යුෂ බින්දු 2 – 3 ක් මිශ්ර කරන්න.
මෙම ප්රබල තෙල් සත්කාරයෙන් ඔබේ ඇඟිලි, ඇඟිලි පුරුක්, අත්, අත්ල සහ මැණික් කටුව ආශ්රිත ප්රදේශ සම්බාහනය කරන්න.
මෙම තෙල් සත්තුව කිරීමට හොඳම වේලාව වන්නේ රාත්රී නින්දට යාමට පෙර කාලයයි. රාත්රී කාලය පුරාම මෙම තෙල් සම්බාහනය හේතුවෙන් ඔබේ අත් මොයිස්චරයිස් කරනු ඇති අතර නියපොතු පෝෂණය කිරීම මෙන්ම සම සුමුදු කිරීමද සිදු කරනු ඇති.
කිරි සහ කහ සත්කාරය
කිරි තේ හැඳි 1 ක්, කහ කුඩු ½ ක් සහ අමන්ඩ් ඔයිල් බින්දු 2 – 3 ක් හොඳින් මිශ්ර කරන්න.
හොඳින් මිශ්ර කිරීමෙන් අනතුරුව ඔබේ ඇඟිලිවල හා ඇඟිලි පුරුක්වල ආලේප කරන්න.
ක්රියාකාරී වීමට විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් හොඳින් සෝදා හරින්න.
උපරිම ප්රතිඵල ලබාගැනීම සඳහා මෙම ප්රතිකාරය සතියට තුන් වරක් පමණ සිදු කරන්න.
කෙසෙල්වලින් මුහුණේ කැළැල් ඉවත් කරමු
කෙසෙල්, යෝගට් මිශ්ර කර හෝ නැතිව සාදා ගන්නා මිශ්රණය මුහුණට ආලේපයක් ලෙස සකස් ගත හැකියි. මෙය ඔබේ මුහුණේ පවතින ලප කැළැල් ඉවත් කිරීමට සමත් වෙනවා.
එසේම අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණ මත තබා සියුම්ව ඇතිල්ලීමෙන් ද ලප කැළැල් බවත් කළ හැකියි. එමෙන්ම පොල් තෙල්, ඔලිව් තෙල් බින්දු කිහිපයක් හෝ මී පැණි ස්වල්පයක් කෙසෙල් සමග මිශ්ර කර සාදා ගන්නා මිශ්රණය මුහුණට හා දෙඅත් සදහා හොදම සත්කාරයක්.
දෙතොල් වලට
දෙහි බෑයක් අරගෙන එයට සිනි ටිකක් ඉස එයින් ඔබේ දෙතොල් හොඳින් සක්රබ් කරන්න. මෙමඟින් ඔබේ තොල් වල මැරුණු සම ඉවත් කර තොල් රෝස පැහැ ගන්වනවා.
රාත්රියට මි පැණි බින්දු කිහිපයක් ගෙන ඔබේ තොල් හොඳින් සම්භාහනය කරන්න.
හිසකෙස් දික්කර ගැනීමට කෝමාරිකා
කෝමාරිකා මදය මේස හැඳි 4 ක් සමඟ මී පැණි මේස හැඳි 2 ක් මිශ්ර කර හිසෙහි ගල්වා විනාඩි 20 කින් පසු උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සති දෙකකට වරක් මෙම සත්කාරය කිරීම ප්රමාණවත්.
නිවෙසේදීම ඉතා පහසුවෙන් කළ හැකි මෙම සත්කාරයන් ඔබත් අත්හදා බලන්න. ඔබට අදහාගත නොහැකි සුන්දරත්වයක් වරලසට ලැබෙන අතර නොකඩවා කිරීමෙන් වඩාත් හොඳ ප්රතිඵල ලබාගත හැකියි.
සුදු වෙන්න සිතන ඔබට
කෝමාරිකා මද සාරය කෝප්ප බාගයක්
දෙහි යුෂ තේ හැදි 02 ක්
මුදවන ලද කිරි මේස හැන්දක්
කෝමාරිකා මද සාරය භාජනයකට දමා හොදින් පොඩි කර ගන්න. පසුව එයට කිරි හා දෙහි යුෂ එක්කොට හොදින් මිශ්ර කර ගන්න. එම මිශ්රණයට කහ කුඩු ස්වල්පයක් එක් කර නැවත මිශ්රණය හොදින් කලවම් කරන්න. පසුව මෙම සාදා ගත් ආලේපනය මුහුණේ හා ගෙළ පෙදෙසේ හොදින් ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
ඔබේ අත් යට කළු පැහැගැන් වී නම්
සුදු හදුන්, වෙනිවැල්ගැට, මී කිරි සමග මිශ්ර කොට ආලේප කර පැය බාගයකට පසු සෝදා හරින්න.
කොකුම් කුඩු, වෙනිවැල්ගැට කුඩු සමග වතුරින් මිශ්ර කර ආලේප කරන්න.
කුරුලෑ නැති කරන සරල ක්රම කිහිපයක්
අයිස් තැබීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ පහසුවෙන්ම ඉවත් කර ගත හැකියි. රුධිර ගමනාගමනය ක්රමවත් කරමින් මුහුණේ සිදුරුවල රැදුණු කුඩා ඉවත් වීමද මින් සිදුවෙයි.
අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා තත්පර කිහිපයක් මුහුණේ ලප කැළැල් ඇති ස්ථානවල තබන්න. සමේ ඉදිමුම් පවා මින් සමනය කළ හැකියි.
දැන් අපි කතා කරමු හිසකෙස් ගැන
හිසකෙස් වලට හොඳම ප්රතිකාරයක් තමයි නිවිති කියන්නේ. ඔබේ නිවසේ ඇති නිවිති කොළ ටිකක් අරගෙන් බ්ලෙන්ඩර් කරන්න. මෙය හිසෙහි ගල්වා විනාඩි 15ක් පමණ හොඳින් සම්භාහනය කරන්න. ඉන්පසු ස්නානය කරන්න. නිවිති වල තිබෙන ඛනිජලවන ඔබේ හිස කෙස් ගැලවියාම සහ හිස කෙස් අග පෑලිම නිට්ටාවටම සුව කරලා දෙනවා.
හිස්හොරි වලට හොඳ ප්රතිකාරයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් දෙහි කොලත් සමග තම්බාගන්න. එයින් හිස සෝදා හරින්න. මෙය තුන් වතාවක් කිරීමේදී ඔබට හිස්හොරි නැති හිසක් ලබාගන්නට පුළුවන්.
ළුණු ගෙඩියක් අරගෙන හොඳින් පොඩි කර හිස කෙස් වල ගලවන්න. විනාඩි 15ක් පමණ තබා ෂැම්පු දමා සෝදා හරින්න. මේ ආකාරයටම අර්තාපල අලද භාවිතයට ගන්නට් පුළුවන්. මෙම සත්කාරය මඟින් හිස්හොරි නැතිකරන අතරම ඔබේ හිස කෙස් සිනිදු කරනවා.
සම රැලි වැටීමෙන් වළක්වා ගනිමු
පිණ්ඩ තෙල් භාවිතයෙන් සමට තෙතමනය පවත්වා ගැනීම හා සම රැලි වැටීමෙන් වළක්වා ගනිමු.
රාත්රී නින්දට පෙර ඔලිව් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන් ඔබේ සම අලුත් කරවයි. තව ද සමේ කෙතතමනය ආරක්ෂා කරයි. එසේම සම රැලි වැටීමෙන් වළක්වා ලනු ඇත.
දෙහි යුෂ විටමින් E සමග මිශ්ර කර ආලේප කිරීමෙන් Wrinkles අඩු කර ගත හැකියි.
කිහිලි යට කලුවීම ඔබටත් ප්රශ්නයක් ද?
කිරි
අත්යට ඇති අඳුරු පැහැය ඉවත් කිරීමට හැකි විටමින් හා විශේෂ අම්ලයන්ගෙන් කිරි සමන්විත වෙනවා. ඒ නිසා ඔබේ අත්යට ඇති අඳුරු පැහැය නැති කිරීමට කිරි උපකාරි වෙනවා. කිරි මුදවපු කිරිත් සමඟ මිශ්ර කර අත් යට ආලේප කිරීමෙන් වඩා හොඳ ප්රතිඵල ලබා ගැනීමට පුළුවනි. කිරිවල ඇති ලැක්ටික් කියන අම්ලයට සම පැහැපත් කිරීමේ හැකියාව පවතිනවා.
අර්තාපල්
අර්තාපල් කියන්නෙත් අත් යට අඳුරු පැහැය ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් ගොඩක් හොඳ ප්රතිකාරයක්. අර්තාපල්වල තියෙන ස්වභාවික බ්ලීචින් ඒ සඳහා උපකාරී වෙනවා. සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අවපැහැ වුණු ප්රදේශවල අතුල්ලා සිහිල් ඇල් ජලයෙන් සෝදා හරින්න.ක්රමානුකූලව දින කිහිපයක් මෙසේ කිරීමෙන් වඩා හොඳ ප්රතිඵල ලබා ගැනීමට පුළුවන්.
බේකිං සෝඩා
බේකිං සෝඩා යොදා ගෙන කරන ප්රතිකාරයෙන් ඔයාට ඉතාමත් හොඳ ප්රතිඵල ලබා ගැනීමට පුළුවන්. බේකිං සෝඩා ජලය සමඟ මිශ්ර කරන්න. මිනිත්තු 10 – 15 ත් අතර ප්රමාණයක් තබන්න. ඉන්පසු මද උණුසුම් ජලයේ සෝදා හරින්න.
පිපිඤ්ඤා
අර්තාපල් වගේම පිපිඤ්ඤාවලත් ස්වභාවික බ්ලීචින් අඩංගු වෙනවා. සිහින් පිපිඤ්ඤා පෙත්තක් ගෙන අත්යට අතුල්ලන්න. ප්රතිඵල ලැබෙන තෙක් දිනපතා මේ සත්කාරය කරන්න. පිපිඤ්ඤා යුෂ වලට කහ සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර ආලේප කිරීම වඩාත් ප්රතිඵල දායකයි.
දොඩම් ලෙලි
දොඩම් ලෙලි අව්වේ වේලා හොඳින් කුඩුකර ගන්න. කුඩුකරගත් දොඩම් ලෙලි කුඩු තේ හැඳි 3 කට රෝස වතුර තේ හැඳි 2 ක් සහ කිරි තේ හැඳි 1 ක් මිශ්රකර පිරිසිදු කරගත් අත්යට ආලේප කරන්න. විනාඩි 15 කින් පමණ සිසිල් ජලයෙන් සෝදා හරින්න. අත්යට සම පැහැපත් කරන්න මෙය තවත් අපූරු ක්රමවේදයක්.
පොල්තෙල්
පොල්තෙල් අත් යට අඳුරු බව ඉවත් කරන්න තවත් හොඳ විකල්පයක්. පොල්තෙල්වල විටමින් ඡ් අඩංගු නිසා ස්වභාවික සම පැහැපත් කිරීමට උදවු වන අතරම ස්වභාවික ඩියොඩ්රන්ට් ලෙසත් කටයුතු කරනවා. අඳුරු වූ අත්යට පොල්තෙල් ආලේප කර විනාඩි 10 ක් 15 ක් පමණ තිබෙන්නට හැර මෘදු සබන් යොදා සෝදා හරින්න.
හැබැයි මේ මොන ප්රතිකාරය කළත් විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් තියෙනවා. ප්රතිකාර කිරීමට පෙරාතුව ඔබ ඔබේ අත් යට දහදිය හා කුණු දූවිලි ඉවත් වන විදියට හොඳින් පිරිසිදු කර ගැනීමට අමතක කරන්න එපා.
ඇහි බැම ඝනකමින් අඩුයිද? ඇහි බැමී වර්ධනය වැඩි කරගැනීමට භාවිතා කල හැකි ස්වාභාවික ප්රතිකර්ම කිහිපයක් මෙන්න
ඇහි බැම ගැලවීමෙන් (plucking) හා ටුවිස් (tweezing) කිරීමෙන් සහ වැක්ස් (waxing) කිරීම මගින් ඇහි බැම සිහින් වී විසිරී යාමට ඉඩ තිබෙනවා.එමගින් ඔබට වයස්ගත පෙනුමක් සහ අඳුරු පෙනුමක් ලබා දෙයි.
හොදින් වැඩුණු අහි බැමී ඔබගේ ඇස් වල සහ මුහුණේ අලංකාරය වැඩි දියුණු කිරීමට උපකාර වෙයි.මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ රුපලාවන්ය නිෂ්පාදින භාවිතා නොකර ඇහි බැමී වර්ධනය වැඩි කරගැනීමට භාවිතා කල හැකි ස්වාභාවික අමුද්රව්ය කිහිපයක් ගැනයි.
එඩරු තෙල්
එඩරු තෙල් ඇහි බැම වර්ධනය වේගවත් කරවන ප්රෝටීන්  සහ විටමින් වලින් බහුල වෙයි.මෙමගින් ඇහි බැමේ කේශ නැවත සකස් කර ඒවා ශක්තිමත් කරනු ලබයි.කපු පුළුන් කැබැල්ලකට එඩරු තෙල් ස්වල්පයක් එක්කර ගෙන ඇහි බැම මත අතුල්ලාගන්න.මෙහිදී කේශ මූල පිලිබදව දැඩි අවදානයක් යොමු කරන්න.මෙම කරියාවලිය ඔබ නින්දට යාමට පෙර සිදු කර පසුදා උදෑසන සෝදා හරින්න.
ඔලිව් තෙල්
ඔලිව් තෙල් කේශ වර්ධනයට සහ සමේ වර්ධනයට අවශ්ය වන විටමින් E වලින් බහුල වෙයි.උණුසුම් ඔලිව් තෙල් තේ හැන්දක් ගෙන එය ඇහි බැම මත ආලේප කර විනාඩි දෙකක කාලයක් මෘදුව සම්භාහනය කරන්න.මෙය රාතරී කාලයේ දී සිදු කර පසුදා උදෑසන සෝදාගන්න.
බිත්තර කහ මද
බිත්තර කහ මද තුළ කේශ වර්ධනය වේගවත් කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාර වන පෝෂ්ය පදාර්ථ සහ කැරටන් අන්තර්ගත වෙයි.බිත්තර කහ මදයක් ගෙන එය හොදින් මිශර කර ගන්න.ඉන් පසුව කපු පුළුන් කැබැල්ලක් ආදාරයෙන් ඇහි බැම මත ආලේප කර විනාඩි 15 ත් 20 ත් අතර කාලයක් තබන්න. ඉන් පසු සිසිල් ජලයෙන් සෝදාහරින්න.
ඔබත් මෙහි සදහන් උපදෙස් පිළිපදින්නේ නම් සිහින් සහ ඝනැති ඇහි බැමි යුගලයක් ලබා ගැනීමට හැකි වනු නොවනුමානයි.එමගින් ඔබේ මුහුණේ තරුණ බව රැක දී ඔබව ලස්සන කරාවී.
අලිගැට පේර වලින් ලස්සන වෙන්න මේ දේවල් කරන්න.
අපි හැමෝම දන්නවනේ අලිගැට පේර කියන්නෙත් රසවත් පළතුරක් කියල. රස වගේම ඒක ගොඩක් පෝෂණයෙන් පිරි පළතුරක්. අපේ ශරීරයට හොඳ පෝෂ්ය පදාර්ථ 25ක් වගේ තියෙනවලු. විටමින් A, B, C, E, & K, කොපර්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්. ප්රෝටීන් වගේ ගොඩක් පෝෂ්ය පදාර්ථ අඩංගු වෙනවලු.
අලි ගැට පේර ආහාරයට ගන්නා සේම රූපලාවන්ය සත්කාර සඳහා නොයෙක් ආකාරයෙන් භාවිතා කරන්න පුළුවනි. සතියකට වරක් හෝ දෙවරක් අලිගැට පේර යුෂ වීදුරුවක් පානය කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් සෞඛ්ය සම්පන්න ලස්සන සමක් ලබා ගන්න පුළුවන්.
මේ සඳහා ඔබට අලිගැටපේර පානය යෝගට් සමග හෝ වෙනත් පළතුරු සමග මිශ්ර කර ඔබට කැමති ආකාරයකට සාදා ගත හැකි. නැතිනම් සලාද සමග හෝ අතුරුපසක් ලෙස ආහාරයට ගත හැකි. විශේෂයෙන් සමෙහි ඇතිවන වියළි බව සහ චර්ම රෝග නැති කර ගැනීමට මෙය කදිම විසදුමකි.
අද අපි කියන්න යන්නේ අලිගැට පේර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.
ඔබේ මුහුණේ කුරුලෑ කැළලි සහ පැල්ලම් ඇත්නම් මෙම face pack එක බාවිතා කරන්න
අලිගැට පේර ගෙඩියක් හොඳින් පොඩි කර එයට මී පැණි සහ යෝගට් මිශ්ර කර ගන්න. ඔබේ මුහුණ හොදින් පිරිසුදු කරගත් පසුව මෙය ආලේප කර විනාඩි 30 කට පමණ පසු හොඳින් සෝදා හරින්න.
අලිගැට පේරවල සාමාන්ය වශයෙන් විටමින් සහ ඛනිජ ලවණ 20 ක් විතර අඩංගුව ඇත.එහි potassium අඩංගු වී ඇති බැවින් එය blood pressure පාලනය කිරීමට උදව් වේ. ඒ වගේම අලිගැට පේර විටමින් B බහුලව ඇති හෙයින් සමේ රෝග සහ ආසාදනයන් සුව කිරීමට උදව් වේ.
අලිගැට පේර වලින් හිසකෙස් වලට ඉතාම හොද මාස්ක් එකක්
ඔන්න ඔයාලට අදත් ඉතාමත් සරල ඒ වගේම ඉතාම අඩු වියදමකින් සහ කිසිම රසායනික ද්රව්යයක් අඩංගු නොවන ගෙදරදීම හදා ගන්න පුළුවන් හානි වූ හිසකෙස් වලට ඉතාම හොද මාස්ක් එකක් හදන විදිය කියල දෙනවා. මේක හදන්න ගන්නේ අලි ගැට පේර සහ බිත්තරයක් පමණයි. ඔයාල දන්නවනේ අලි ගැට පේර විටමින් E සහ B වලින් පොහොසත් ඒ වගේම තෙතමනය හොදින් රදවා ගන්න පුළුවන් ගුණතියෙන පළතුර
අවශ්ය දේ
– අලිගැට පේර ගෙඩි 1
– බිත්තර 1
– ඔලිව් ඔයිල්
අලිපේර ගෙඩියෙන් බාගයක් කෝප්පයකට දමා හොදින් බ්ලෙන්ඞ් කරගන්න. එයට බිත්ත්රයද එකතුකර හොදින් මිශර කරන්න. ඔලිව් ඔයිල් ටිකක්ද එයටම එකතුකර නැවතත් හොදින් කලවම් කර ගන්න. පාවිච්චි කරන විදිය මිශරණය හොදින් හිස කෙස් වල අග දක්වා හොදින් ආලේප කරන්න. ඉන්පසු තුවායකින් ඔලූව ඔතා ගන්න. මෙයින් ඔලූව උණුසුම් වෙනවා.
එමගින් මෙගි කරියාකාරිත්වය හොදින් සිදු වෙනවා. විනාඩි 30 මෙහෙම ඉදලා කොණ්ඩය සෝදා වියලා ගන්න. සතියට දෙසැරයක් මෙය කරන්න පුලූවන්නම් ඔයාලාට ඉක්මනින්ම වෙනස දැක ගන්න පුළුවන්. කලින් තිබුණු වියලි අග පැලූණු ගතිය විශ්මිත විදියට නැති වෙලා දිදුලන කෙස් කළඹක් නැවතත් ලබා ගන්න පුළුවන්.
අලිගැටපේර යුෂ-
මුඛයෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලට ගුණදායකය.
ශරීර ශක්තිය වර්ධනය කිරීමට අපූරු පලතුරකි.
ඔබට ඇතිවිය හැකි විවිධ මුත්රා රෝග වලට වඩාත් සුදුසු පලතුරකි.
දෙනෙත් ආරක්ෂා කිරීමට, දීප්තිමත් නෙත් සඟලක රහස, සමෙහි පැහැපත් බව වර්ධනය රැඳී ඇත්තේ අලිගැටපේර පලතුරේය.
හිස සම්බාහනයෙන් ලස්සන කෙස් කලඹක්
ලස්සන වීම යනු පිටින් පෙනෙන රූපයේ ඇති පෙනුම පමණක් බව ඇතැම්හු සිතති. එහෙත් රූමත් බව යනු ලෙඩ ගොඩක් උරුමකර ගනිමින් පෙනුම පමණක් තිබීම නොවේ.එනිසා නිරෝගී බව රූමත් බවේ සාධකයක් වන බව නොකියා ම බැරිය. නිරෝගී ජීවිතයක් ලබා ගැනීම ලස්සන වීමේ මූලිකම මාර්ගයයි.සම්බාහනය ගැන කතා කිරීමේ දී ශීර්ෂ සම්බාහනයට ද වැදගත් තැනක් හිමිවේ. කාන්තාවකට ශීර්ෂ සම්බාහනය වඩාත් වැදගත් වන්නකි. මන්ද මෙමගින් හිසකෙස් සඳහා මනා පෝෂණයක් ලැබීමයි. කාන්තා රුවට කෙස් කලඹෙන් ලැබෙන්නේ විශේෂ වූ අලංකාරයකි. එම නිසා කාන්තාවන් ශීර්ෂ සම්බාහනය කරනවා නම් එය රුව රැක ගැනීමේ කදිම ක්රියාවක් වනු ඇති.
සම්බාහනයේ වාසි
හිස සම්බාහනය කිරීමේ දී කාන්තාවන්ට හිසකෙස් සඳහා සකසන ලද තෙල් වර්ගයක් භාවිත කළ හැකියි. හිසට කරන සත්කාරයක් ලෙස ශීර්ෂ තෛල සම්බාහනය වැදගත් වේ.
මෙම සම්බාහනය මඟින් හිසකෙස්වල නිරෝගී බව ඇති වන අතරම තියුණු මතක ශක්තියක් ඇති වීම, දෑස්වල නිරෝගී බව, හිස කෙස් ගැලවී යාම, හිසකෙස් අකලට සුදු වීම, හිස කෙස් කැඩීම, අධික හිසරදය, මානසික පීඩනය හා දෑස්වල පීඩනය අවම වන අතර මානසික ආතතිය මඟ හරවා ගැනීමට ද උපකාරී වේ.
සම්බාහනයට සුදුසු වෙලාව
මෙහිදී මිනිස් සිරුරේ හිස හඳුන්වන්නේ උත්තමංගය ලෙසයි.
මන්ද මිනිසාගේ වැදගත් ම ඉන්ද්රියයක් වන මොළය පිහිටා ඇත්තේ ද හිස් කබල තුළ නිසයි. මෙවැනි තෙල් සම්බාහනයක් මඟින් පංච මහා ඉන්ද්රියයන්ට ද නිරෝගී බව
සාමාන්යයෙන් තෙල් සම්බාහනයක් සිදු කළ යුතු වන්නේ උදේ කාලයේ ය. වලාකුළුවලින් පිරි වැසි බර කාලගුණ තත්ත්වයකදී මෙන්ම ශීත දේශගුණ තත්ත්වයක දී ද ඖෂධ වර්ග භාවිතකර තෙල් සම්බාහනයක් කිරීම එතරම් සුදුසු නොවේ.
සම්බාහනය කරන අයුරු
මේ සඳහා ඔබට ඖෂධීය තෙල් වර්ග වන කේශ වර්ධනී, නීල්යාදී, ඔලිව් තෙල්, තල තෙල් වැනි තෙල් වර්ග ද භාවිත කළ හැකිය.
ඒ හැරුණ විට සාමාන්ය තෙල් සම්බාහනයක දී පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, එරුඬ තෙල් සම ප්රමාණවලින් ගෙන හිස් කබලේ ප්රධාන නිල ස්ථාන වන බ්රහ්ම රන්දය, අධිපති චර්මය, කෘකාටිකා චර්මය වැනි ප්රධාන ස්ථානවල තෙල් ගල්වා හොඳින් තට්ටුකර දෙපැත්තට පිරිමැදිය යුතුයි.
තෙල් ගැල්වීමට ප්රථම මඳක් රත්කර ගැනීම (ඩබල් බොයිල්) වැදගත් වේ.
ඉන්පසු පුළුන් කැබැල්ලක ආධාරයෙන් හිස් කබලේ සෑම තැනකම තෙල් ආලේපකර හොඳින් ඇඟිලි තුඩුවලින් පහළ සිට නළල ඉදිරිපසට හා නැවත පිටුපසට රවුම් ආකාරයට පිරිමැදීම කළ යුතුයි.
මෙලෙසින් විනාඩි 45 ක් පමණ වේලාවක්වත් සම්බාහනය සිදු කළ යුතුයි.
ඉන් පසුව රත් කරගත් තුවායක් හෝ වෙනත් යමකින් හොඳින් හිස් කබල වසා ගත යුතුයි. මෙය විනාඩි 10 ක පමණ වේලාවක් තිබෙන්නට හැර නැවත පෙර මෙන් දෙවරක්වත් උණුසුම්කර හිස ආවරණයකර තැබිය යුතුයි. මෙලෙසින් කිරීමේ දී කෙස් මුල්වලට හොඳින් තෙල් අවශෝෂණය (උරා ගැනීම) සිදු වේ.

ඉන්පසුව ඖෂධීය ෂැම්පු වර්ගයක් භාවිතකර හිස කෙස් සෝදා හරින්න. මෙය අවම වශයෙන් සතියකට තුන් වතාවක්වත් කිරීම මඟින් නිරෝගී, කාන්තිමත්, නැවුම් කෙස් කලඹක් ලබනවා සේ ම මානසික සැනසීම ද ඔබට නිතැතින් ම හිමි වේ.
ළග ළගම මනාලියක් වීමට සැරසෙන ඔබට සම පැහැපත් කරන ස්වභාවික Face Musk
පිපිඤ්ඤා සහ බිත්තර
කුඩා පිපිඤ්ඤා ගෙඩියක බාගයක් පමණ කුඩා කැබැලි වලට කපා බ්ලෙන්ඩර් කර ගන්න. එයට එළකිරි හෝ ප්රේෂ් මිල්ක් මේස හැදි 02ක් එක් කරන්න. පසුව බිත්තර සුදු මදය ද එක්කර හොදින් මිශ්ර කර ගන්න. පසුව මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා සෝදා හරින්න.
දොඩම් සහ කෙසෙල් Face Musk
කපා ගත් ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක් හොදින් පොඩි කර ගන්න. එයට දොඩම් යුෂ සහ මී පැණි මේස හැන්දක් බැගින් එකතු කරන්න. පසුව හොදින් පිරිසිදු කරගත් මුහුණේ ඉහත මිශ්රණය ආලේප කර විනාඩි 15-20 තබා මද රස්නය ඇති ජලයෙන් සෝදා ඉවත් කරන්න.
ඔලිව් තෙල්
ඔලිව් තෙල් සමග මී පැණි මිශ්ර කර ආලේපකිරීමෙන් ඇස් වටා සහ නළල මත ඇති Wrinkles සහ Fine Lines ඉවත් කර ගත හැකි වෙයි.
උළුහාල්
උළුහාල් තේ හැදි 2-3 හොදින් කුඩු කර වතුර සමග මිශ්රකර මුහුණේ ආලේප කර විනාඩි 20 ට පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
කෝමාරිකා
කෝමාරිකා තුළ ඇති Gel එක මුහුණෙහි ආලේප කර විනාඩි 15-20 කට පසු මද උණුසුම් වතුරෙන් සෝදා හැරීමෙන් මුහුණේ ඇතිවන Wrinkles නැති කර ගත හැකියි.
ඉගුරු
ඉගුරු යුෂ මේස හැන්දකට මී පැණි බින්දු 08ක් මිශ්ර කර උදෑසන පානය කිරීමෙන් ඇතිවන Fine Lines නැති කර ගැනීමට හැකිවේ.
කැරට්
කැරට් යුෂ සමග මී පැණි ආලේප කිරීමෙන් මුහුණේ ඇති Wrinkles සහ Fine Lines ඉතාමත් ඉක්මණින් ඉවත් කර ගත හැකි වෙයි.
දින 2න් සුදු වෙන්න පහසුම මග මෙන්න. නිවසේදීම සදා ගත හැකි වට්ටෝරුව
අපේ කෙල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය.
තෙල් සහිත සමකට නම්
කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන පරමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශර කරගන්න.
වියළි සමකට නම්
කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශරකර ගන්න.
සාමාන්ය සමකට නම්
කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම පරමාණයෙන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශරණය සාදා ගන්න.
පැක් එක දමා ගන්නා ආකාරය
*ඔබේ සමට ගැළපෙන සේ සකස් කරගත් පැක් එක මුහුණේ උඩු අතට ගනව සිටින සේ බුරුසුවකින් ආලේප කරන්න.
*විනාඩි 20ක් පමණ එය වියළෙන්නට හැර එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් මුහුණේ ආලේප කර ඇති පැක් එක මත තවරන්න.
*නැවැත විනාඩි 15ක් හෝ 20ක් එය මුහුණේ තබා වියළුණු පසු අයිස් වතුර පෙගවූ ස්පොන්ජ් කැබැල්ලකින් මුහුණ තෙත් කරන්න.
*ගැල් වූ ආලේප අයිස් වතුරෙන් හොඳින් පෙගුණු පසු ස්පොන්ජ් කැබැල්ලෙන්ම එය ඉවත් කරන්න.
*ටිෂූ කැබැල්ලක ආධාරයෙන් මුහුණ හොඳින් තෙත මාත්තු කරගන්න.
*සාදාගත් ටෝනර් එක පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.
මේ පිලිබදව වැඩි විස්තර ඇති වීඩීයොව>
ටෝනර් සාදා ගන්නා කරම කිහිපයක්
*රතු රෝස පෙති පිරිසුදු වතුර වීදුරුවකට දමා රාතරියේ වසා තබන්න. පසුදා උදෑසන එය පෙරා භාවිතයට ගන්න.
*පිපිඤ්ඤ බ්ලෙන්ඩර් කර පෙරා ඉස්ම ගන්න.
*සමන් පිච්ච මල්, සේපාලිකා මල් පිරිසුදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගෙන්නට තබා පසුදා උදෑසන පෙරා ගන්න.
මේ සියල්ල ශීතකරණයක දමා දවස් 5ක් පමණ කල් තබා ගත හැකිය. එසේ කිරීමට අපහසු නම් අවශ්ය පරමාණයට පමණක් සාදා ගන්න.
මේ සත්කාරය කිරීමෙන් පසු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් අවම කරගන්න. එසේ නොමැති නම් හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේප වර්ගයක් සමග මතුපිට ආලේප කරන්න.
මෙම පරතිකාර උදෑසන 7-11 අතර හා සවස 2 – 5 අතර කරන්න. එසේ නොමැති නම් වඩාත් සුදුසු වන්නේ රාතරි කාලයයි.
මේ සත්කාරය කිරීමෙන් පසු එදින රාතරියේ සහ පසුදා උදෑසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න.
සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිත කරන්න.
ඊට පසුදින සවස් වූ විට ඔබට සුපුරුදු පරිදි මුහුණ සේදීම කළ යුතුය. ස්වාභාවික සත්කාර කළ පසු නැවැත සති 2ක් යනතෙක් ස්කරබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් සුදුසු නැත.
මෙහි ප්රතිපල නිවැරැදිව දැකිය හැක්කේ දවස් 2ක් පමණ ඉක්ම ගිය පසුය.
ස්වාභාවිකවම ලස්සන වෙන්න
සම සුදු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන කිසිදු ද්රව්යයකින් හානියකින් තොරව සමසුදු කරගැනීමේ හැකියාවක් නැත. සම සුදු කරන ආලේපනයන්හි අන්තර්ගත රසායන ද්රව්ය සම මත ප්රතික්රියා කොට සමට හානි කරයි.
ඔබට ඕනෑ ලස්සන වෙන්න නම් ඔබේ සම පිරිසුදුව තබා ගත යුතුයි. ඒ සඳහා ස්නානය වැදගත්ය. ස්නානයේදී සම පිරිසුදු කරගත හැකි කොළ වර්ග හෝ වෙනිවැල් තම්බා ඇඟ පිරිසුදු කර ගත හැකිය. එසේ නොමැති නම් මෘදු සබන් වර්ගයක් භාවිතය සුදුසුය. ඇඟ ඇතිල්ලීමේ දී මෘදු පිරිමැදීමක් ප්රමාණවත්ය. ඉන් රුධිරය සම මතුපිටට පැමිණ සම දීප්තිමත් කරයි. සම පැහැපත් කරයි. ඉන් ඔබේ රුව වැඩේ.
සම මතුපිට ආලේප ගැල්වීමට අපි කැමැත්තෙමු. සමේ දීප්තිය, තෙතමනය රැකගැනීමට හෝ වියලි බව සඟවා ගැනීම සඳහාය. රසායනික ද්රව්ය අඩංගු ආලේපන දිගු වේලාවක් සම මතුපිට තබා ගැනීම සමට මෙන්ම ශරිර අභ්යන්තර ඉන්ද්රියන්ටද හානි කර බව ඔබ දනී. ඇතැම්හු ශරීරයෙහි ගැල්වූ ඇලේපන නිසි ලෙස ඉවත් නොකොට නින්දට යාමට හුරුවී සිටිති. පසුදින අවදිව දිය නා පිරිසුදු වී යළි ආලේප ගල්වාගෙන රාජකාරී සදහා පිට ටත්ව යති. ඉන් සමට වාතයට ඇතුලුවීම ඇති ඉඩ සීමාවේ. ඉන් සමේ ක්රියාකාරීත්තවයට හානි පමුණුවයි. සම මත ඇති අත්යාවශ්ය සහජීවන බැක්ටීරියා විනාශවී සමේ ආරක්ෂාවට බිඳවැටේ . සම පිරිසුදු කරගැනීම සඳහා භාවිත කරනු ලබන විෂබීජ නාශක සබන් වර්ග හේතුවෙන් ද සමේ ඇති සහජීවන බැක්ටීරියා විනාශ වී යයි. සම ඉක්මනින් රෝගීවීමට එයද හේතුවකි. විෂබීජ නාශක සහිත සබන් වර්ග භාවිතය සමට අහිතකර බව ලෝක සෞඛ්ය සංවිධානය ද මේ වන විට පිළිගත් කරුණවේ. ආයුර්වේද මතය අනුව සම අධිකලෙස තෙත් කිරීම මෙන්ම නිතර සෝදා වියලි සමක් බවට පත් කිරීම ද නොකළ යුතුය. සම ස්වාභාවික තත්තවයේ පවත්වා ගැනීම සඳහා සමේ ආරක්ෂාව සඳහා වැඩෙන ස්වභාවික බැක්ටීරියා අනවශ්ය ලෙස ඉවත් කිරීම නොකළ යුතුය.
සම සුදු කර ගැනීමට වර්තමානයේ තරුණ තරුණියෝ විවිධ උපක්රම යොදති. විවිධ ආලේපන ගල්වති. සම සුදු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන කිසිදු ද්රව්යයකින් හානියකින් තොරව සමසුදු කරගැනීමේ හැකියාවක් නැත. එසේ තිබුණා නම් අප්රිකානු රටවල වැසියෝ මෙතරම් පීඩා විඳිමින් කලු දුඹුරු වර්ණයෙන් යුතු සමක් ආරක්ෂා නොකරනු ඇත. සම සුදු කරන්නෙ යැයි සඳහන් ආලේපනයන්ගේ ලේබලය කියැවීමට ඔබ උනන්දු විය යුතුය. එම ආලේපනයන්හි අන්තර්ගත බැර ලෝර ලෝහ වර්ග සම හරහා සිරුරට ඇතුළු වූ පසු නැවත සිරුරින් බැහැර නොවේ. එම බැර ලෝහ පෙරා ඉවත් කිරීමට වකුගඩු සමත් නොවන බැවින් එම ද්රව්ය තැම්පත් විමෙන් ක්රමයෙන් වකුගඩු රෝගීවේ. එය ඔබා ගේ නීරෝගි බව නැති කරයි. ඊට පෙර එම ආලේපනයන්හි අන්තර්ගත රසායන ද්රව්ය සම මත ප්රතික්රියා කොට සමට හානි කරයි.
දිළිසෙන ආලේපන ද්රව්ය සමේ ආලේප කිරීම යොග්ය නොවේ. ඒවායෙහි අන්තර්ගත ලෙඩ් (ඊයම්) බැර ලෝහයකි. දිළිසීම අඩු ආලේපන භාවිතය මගින් ආලේපන භාවිතයෙන් වන හානි අවම කර ගත හැකිවේ.
හොඳ සමක් අපේක්ෂා කරන්නේ නම් ඔබ ගන්නා ආහාර වේලෙහි රස හයම අන්තර්ගත විය යුතුයි. ඒකාකාරී ආහාර වේලකින් වැලැකී සිටීම සමේ නීරෝගී භාවයට බෙහෙවින් හේතුවේ. සමේ පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්ය ය. කොළ ආහාරයට ගනිද්දී පොල් මිශ්ර කර ආහාර සකසාගත යුතුවේ.
සම පැහැපත් කරගැනීමට නම් විටමින් A, D, K, E, අඩංගු ආහාර ගත යුතුය. මේ විටමින් වර්ග තෙල්වල දිය වේ. වර්තමානයේ ආහාර සැකසීමට අධික තෙල් ප්රමාණයක් භාවිත කිරීම හා ගැඹුරු තෙලේ ආහාර පිසීම හේතුවෙන් ආහාර ද්රව්යයන්හි අඩංගු මේ විටමින් වර්ග තෙල් හා මුසුව ශරීරයේ පෝෂණයට එක් නොවී අපතේ යයි. එබැවින් ආහාර සැකැසීමේදී අවම තෙල් ප්රමාණයක් භාවිතා කිරිම වැදගත්වේ.
ඔබගේ ආහාර හා ඇවැතුම් පැවැතුම් හේතුවෙන් රුධිරයට විෂ සාන්ද්රණ එකතුවේ. එය සමේ වර්ණවත් බවට හානිපමුණුවයි. ඒ සඳහා රක්ත ශෝධනය කළ යුතුය. රක්තශෝධනය සඳහා පොකුරු වදමල් උණුවතුරට දමා තැම්බුණු පසු මල ඉවත් කොට එයට සීනී හා දෙහි යුෂ ස්වල්පයක් ද දමා පානයකිරීම සුදුසුවේ.
නෙල්ලි– රසකිඳ තේ වෙනුවට පානය සමේ නිරෝගී බවට උපකාරයකි. දවසකට නෙල්ලි ගෙඩියක් ආහරයට ගැනීම හෝ නෙල්ලි ස්වල්පයක් තම්බා බීම මගින් සමේ තරුණ බව රැක ගැනීමටත්, සම රැළිවැටීම වළක්වාගැනීමටත් සමේ වයස් ගත පෙනුම ඉවත් කර ගැනීමටත් හැකිය.
ඉරමුසු, පොල්පලා, රණවරා ආදිය යම් ද්රව්යක් අමතරව පිපාසය සංසිඳවා ගැනිම සඳහා දිනකට වරක් දෙවක් පානය කිරීමෙන් රුධිරය පිරිසුදු වී සම පැහැපත් හා නීරෝගී කරයි. රණවරා මල් හා පොතු තම්බා බීමෙන් හමේ නීරෝගී බවට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ද උපකාරීවේ. බොන්න කී පමණින් මේ කිසිදු ද්රව්යක් මුට්ටි ගණන් තම්බා පානය නොකළ යුතුය. දිනකට එක් ද්රව්යක් තම්බා පිපාසය සංසිඳවා ගැනීමට පානය කිරීම යෝග්ය වේ.
සුදු හඳුන් හම පිරිසුදු කර ගැනීමට මෙන්ම සමේ වර්ණය පැහැය වඩවා ගැනීමට ද උපකාරීවේ. සුදුහඳුන් කුඩු දෙහි ඇඹුල් ස්වල්පයක් සමග මුහුණේ හා සමේ අලේප කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිවේ. සමට මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම හා මුහුණ පිරිමැදීමේ දී හා පිරිසුදු කිරීමේ දී සුළැඟිල්ල හා වෙදඟිල්ල භාවිත කිරී මුහුණේ සම ප්රබෝධමත් කිරිමට උපකාරීවේ.
රුව වඩවා ගැනීමට ගත පමණක් නොව සිත ද පිරිසිදුව තබා ගත යුතුය. ඔබේ චිත්ත පාරිශුද්ධිය උදෙසා සිත සංසුන් කර ගැනීම වැදගත් වේ. ඒ සඳහා ඔබ කරන ඕනෑම කටයුත්තක් ඒ කෙරෙහිම වධානය යොමු කරමින් කරන්න. අනෙකා කෙරෙහි ඊර්ෂ්යා, වෛර, ක්රෝධ සිතිවිලි ඇති කර නොගැනිමට සිතන්න. ඔබේ සිතිවිලි ඔබේ මුහුණෙන් පිළිඹිබු වේ. එය මුහුණේ සම සුදු කරගත් පමණින් හෝ ආලේප ගල්වා ගත් පමණින් වසා ගත නොහැක.
ඔබේ සමේ අඳුරු පැහැය ඉවත් කරගන්න කහ අඩංගු මාස්ක් එකක් හදා ගන්නේ මෙහෙමයි
කහ කියන්නේ ඉස්සර ඉඳන්ම සමේ ඇතිවන එක එක ආසාදනවලට භාවිත කරන බොහොම වටිනා ඖෂධයක්. සාමාන්යයෙන් සමේ ලප කැළැල් මකා දාල නැවත යථා තත්වයට පත්කර ගැනීමට ආයුර්වේදයේ නිර්දේශ කරන්නෙත් කහ. කහ කියන්නේ මැරුණු සම ඉවත් කරලා සමට විශ්මිත පැහැයක් ගෙනත් දෙන වටිනා ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි මේ කහ යෙදු මාස්ක් එක මගින් සමෙහි කුණු දුවිලි ඉවත් කරලා, මැරුණු සමද ඉවත් කරලා, සමෙහි අගය සමබර කර ගනිමින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. අප සමට යොදනු ලබන ඕනෑම පැක් එකක් මගින් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුලත එහි අඩංගු වන සියලුම පෝෂක කොටස් සමට උරා ගනිමින් සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. ඉන්දියාවේ රූප රාජිනියනුත් සමේ රන්වන් පැහැය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ කහ.
සම හැමෝගෙම එක වගේ නෑ. එකිනෙකට වෙනස්. මේ නිසා අපි සමෙහි වර්ගය අනුව තමන්ගේ සමට ගැලපෙන විදියේ මාස්ක් එකක් හදා ගන්නා විදිය මෙයින් කියල දෙනවා. පහත තියෙන මාස්ක් ගැන කියවල තමන්ගේ සමට ගැලපෙන මාස්ක් එක තෝරා ගන්න.
සකස් කර ගන්නා ආකාරය
කහ මේස හැඳි 01
කඩල පිටි මේස හැඳි 01
මෙම දරව්ය එකට ගෙන වතුර ස්වල්පයක්ද ගෙන හොඳින් මිශරකර ගන්න. ඉන්පසු ඛෙල්ලේ සහ මුහුණේ හොඳින් තවරා සම්බාහනය කරන්න. විනාඩි 2කට පමණ පසුව හොඳින් පිරිසිදු වතුරෙන් සෝදා ගන්න.
තෙල් සහිත සමක් නම් කොත්තමල්ලි කුඩු ස්වල්පයක් හෝ දෙහි බින්දු කීපයක් එකතු කරගන්න ඕනි.
සාමාන්ය සමක් නම් තියෙන්නේ රෝස පෙති කුඩු ටිකක් එකතු කර ගත්තොත් වඩා හොඳ බැබලිමක් ගන්න පුළුවන්.
කහ යෙදීමෙන් පසුව ඉතිරි වන කහ පැහැය ඉවත් කර ගන්න ඕනි නිසා නෑමට කලින් මේ සත්කාරය කරගැනීම වඩාත් සුදුසුයි.
කොච්චර වයසට ගියත් හැමදාමත් තරුණ පෙනුම රැකගන්නේ මෙහෙමයි.

අන්තර්ජාලය ඇසුරිණි

සුබ දිවියක් !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *