August 12, 2020

ගොඩාක් වටින දෙයක් ගෙනාවා නිවසේම සාදා ගත් ස්වාභාවික apple cider විනාකිරි

ගොඩක් අය හිතන් ඉන්නෙ මේක ගන්නෙ බෙහෙත් හදන්න විතරයි කියලා එහෙමමත් නෑ මේක එදිනෙදා ඉව්ම් පිහුම් වලට ගන්නවා නම් ගොඩක් හොඳයි අපි කන කෑම වලින් හැදෙන මේදය හොදින් දහනය කිරීමේ හැකියාවක් සරීරයේ ලේ කැටිගැසීම් අවම කරන ගුනයක් මේ ඇපල් ස්යිඩර් විනාකිරි වල තියනවා අනික මෙක ගොඩාක් රට වල සලාදත් එක්ක අමුවෙන් කැමට ගන්නවා අැසිඩ් ගතිය ගොඩක් අඩු නිසා..
ඇපල් සයිඩර් විනාකිරි යනු ගුණවත් මෙන්ම රසවත් රස කරකයකි !!! ඔබත් එය අහර වලට එකතු කර ගෙන රසය හා ගුණය අත් විදින්න !!
ඇපල් විනාකිරි වලින් ඔබේ සෞක්‍යට ඇති ක ලකළ හැකි යහපත් බලපැම්:
– නවතම සොයාගැනීම් වලට අනුව අපල සයිඩර් විනාකිරි ආහාරයට එකතුකර ගැනීමෙන් අහර දිරවීම පහසු කරවයි (aiding in food diegestion)
-ශරීරයේ බර අඩු කර ගැනීමට ඉවහල්වේ (helps to loose weight)
-අධික රුදිර පීඩනය පාලනය කරයි ( controls blood pressure)
– රුධිරයේ සීනි මට්ටම අඩු කොට සීනි මට්ටම පාලනය කරයි(regulates blood sugar)
– පුදුමයක් වුවත් නවතම සොයා ගැනීම් වලට අනුව ගැස්ට්‍රයිටිස් වලටද හොඳ ඔසුවකි (ingestion can help acid reflux)
-දියවැඩියාව පාලනයට උදව් වේ (controll in diebeties)
– රෝග සුවපත් කිරීමේ හැකියාව ඇත.( it has powerful healing properties)
-ඇසිටික් ඇසිඩ්, potassium,magnisium,probiotics, සහ එන්සයිම අඩංගු වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය ප්‍රමානයෙන් අැපල් ගෙඩි 3ක් කොළ පාට එකයි රතු දෙකයි මම ගත්තේ ( ගොඩාක් අවශ්‍ය නම් ඔය ප්‍රමාන වැඩි කරලා ගන්න)
සිනි මෙස හැදි 3ක්( මන් රතු සිනි ගත්තේ )සිනි වෙනුවට හොදම කිතුල් හකුරු පාවිචිචී කරන්න පුළුවන්,
වතුර කොප්ප 2ක
කරාබු නැථි 5ක්
හදන්නෙ මෙහෙමයි
මුලින්ම අැපල් ටික ආප්ප සොඩා ටිකක් දෙහි ටිකක් දාපු වතුරෙ විනාඩි 10 ක් තබා හොදින් සොදාගන්න.
ලෝකයේ හැම රටකම වගේ පලතුරු එළවලු පිරිසුදු කර ගන්න හොදම සහ එකම විදිහ. එ ටිකෙ මැද අයින් කරලා පොඩ් කැලි වලට කපා ගන්න.ලොකු විදුරැ බාජනයක් ගෙන අැපල් ටික එයට දමන්න. සිනි වතුර (හකුරු දානවා නම් හොදට කුඩු කරලා එකතු කරන්න )සමග මිශ්‍ර කර එයට දමන්න කරාබු නැටිත් දමා ගන්න,දැන් ෆොයිල් කොල දෙකකින් හොදට වසා ආරක්ෂාවට රබර් බැන්ඩ් එකක් දමා ගන්න දැන් මෙ බාජනය උනුසුම් අදුරු තැනක තබන්න සති 4 ක් හො 5හක්.
සෑම දවස් කිපයකටම සෑරයක් එය හැදි ගාන්‍න.
සති 5 ඉකුත් උ පසු අැපල් අයින් කරන්න නෑවත කලින් විදිහටම හොදින් වසා කලින් විදිහට ම උනුසුම් අදුරු තැනක තබන්න සෑම දවස් කිපයකටම සෑරයක් හැදි ගාන්‍න. (මට නම් හැදි ගාන්න අමතක උනා එත් මගෙ විනාකිරි එකත් හොදටම තියෙනවා )
මුල් සති හතරෙන් පස්සෙ අපිට විනාකිරි පාවිච්චියට ගන්න පුළුවන් ..
ඔයාලාත් හදලා බලන්නකෝ කොහොමද කියලා
කෙට්ටු වෙන්න නම් වතුර වීදුරුවට මේස හැන්දක් දාලා බොන්න,උදේ හිස් බඩ බිව්වම අමාරුනම් කෑම කාලා බොන්න
මම අච්චාරු මොජු හැම දේටම පාවිචි කරනවා scrb කරනවා නම් බේකින් සෝඩා ඇපල් විනාකිරි ඔලිව ඔයිල් mix කරලා මුලු ඇගේම ගලා නාන්න පුදුම හිතෙයි වෙනසට
කවදාවත් මේක ශිත කරනයේ තියන්න එපා !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *